Header Ads

Breaking News
recent

විමල්ට කණ පැලෙන්න ගහන බව පොහොට්ටුවෙන් දැනුම් දෙයි..

ආණ්ඩුවේ තනතුරු දරමින් ආණ්ඩුව විවේචනය කරනවාට වඩා කොන්ද පණ තිබේ නම් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන්නැයි දන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

පොහොට්ටුවේ නායකයන්ගේ පස්ස පැත්තට පයින් ගහන එන අයට කන පැලෙන්න ගහන්න පසුපෙල මන්ත්‍රීවරුන් සුදානම් බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ සුළු පක්‍ෂ විසින් කොළඹ දී කැඳවන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

ඇමෙරිකානු සමාගමකට මෙරට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව මහජන මන්ත්‍රණ සභාව පිටකෝට්ටේදී ඊයේ දිනයේ කැදවන ලද්දේ ආණ්ඩුවේ පක්‍ෂ 11ක සහභාගීත්වයෙනි.

No comments:

Powered by Blogger.