Header Ads

Breaking News
recent

අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ආනයන නවත්වති.. ගේන්න ඩොලර් නෑ…

අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය කීපයක් මෙරටට ගෙන්වීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ එම භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නොමැතිකම නිසා මෙම පියවර ගත් බවයි.

මේ තත්වය මත ඉදිරියේදී රට තුළ අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද‍්‍රව්‍ය හිගයක් මෙන්ම භාණ්ඩ මිල ඉහළ යාමක් ද සිදුවනු ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

දැනටමත් සීනි කන්ටේනර් බහාලුම් දෙසීයක් ඩොලර් හිඟතාවය නිසා වරායේ සිර වී ඇති බවද ඔහු පැවසීය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වාහනය සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 100-110ක් අතර මුදලක් මසකට වැය වෙයි.

No comments:

Powered by Blogger.