Header Ads

Breaking News
recent

ඉන්දීය විදේශ ලේකම් තෙල් ටැංකි බලන්න හෙලිකොප්ටරෙන් ත්‍රිකුණාමලේ ගිහින් - (video)

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ නිරීක්ෂණය සඳහා ගොස් ඇත.

තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා – ඉන්දු බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කළ බව වාර්තා වේ.

මේ අතර ලංකා IOC හි නව නිෂ්පාදනයක් වන ‘Servo Pride ALT 15W- 40’ එළිදැක්වීම ද අද සිදුව ඇති අතර ඊට එක්වෙමින් ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේ මෙම අවස්ථාවට එක්වීමට ලැබීම සිය සතුටට කරුණක් බවයි.

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතා ඔක්තෝබර් මස 2 – 5 වනදා දක්වා සිදුකරන ශ්‍රී ලංකාවේ නිල සංචාරය ආරම්භ කරන්නේ විදේශීය ලේකම්වරයා ලෙස ඔහුගේ මංගල සංචාරය ලෙසයි.


No comments:

Powered by Blogger.