Header Ads

Breaking News
recent

මම දන්නෙත් නෑ... මගෙන් අහුවෙත් නෑ! මම කැමැතිත් නෑ - අධිකරණ ඇමති

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් “එකම රටක්, එකම නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳව තමන් නොදැන සිටි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි.

අමාත්‍ය සබ්‍රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ කාර්ය සාධක බලකාය පිහිටුවීම සම්බන්ධයෙන් තමාගෙන් උපදෙස් ලබා නොගත් බවයි.

“මම මෙම පියවර ගැන සතුටු නෑ” යැයි ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 13 දෙනෙකුගෙන් යුත් ‘එකම රටක් එකම නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකාය බදාදා (27) පත් කරන ලදී.

පනත් කෙටුම්පතක් සකස් කිරීම, අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සම්පාදනය කර ඇති පනත් සහ සංශෝධන අධ්‍යයනය කිරීම සහ සුදුසු සංශෝධන තිබේද යන්න තීරණය කිරීම සහ සුදුසු යැයි සැලකෙන යෝජනා ඉදිරිපත් කිරීම ද මෙම බළකායට පැවරී ඇත.


No comments:

Powered by Blogger.