Header Ads

Breaking News
recent

ලංකා මුහුදට ඇතුල් වූ චීන පොහොර නැව අතුරුදන්!

මතභේදයකට තුඩු දී ඇති චීන පොහොර රැගත් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මේ දක්වාත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා පවසයි.

අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ බව නාවික දත්ත ඇතුළත් “ෆිලීට්මොන්” වෙබ් අඩවිය තොරතුරු අනාවරණය කර තිබුණි.

එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ “හිපෝ ස්ප්‍රිට්” නෞකාවේ හඳුනාගැනීමේ අංකයෙන්ම “සෙයියෝ එක්ස්ෆ්ලෝර්” නමැති නෞකාව හම්බන්තොට මුහුදු සීමාවට ඇතුළු වූ බවය.

කෙසේවෙතත් එම නෞකාව කුමන වරායක සිට පැමිණියේ ද යන්න සම්බන්ධයෙන් සටහන් කර නොතිබු බව ද සඳහන් වෙයි.

ඒ සම්බන්ධයෙන් හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ ඕනෑම නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා ගමන් කිරීමට හැකියාව ඇති බවය.

එහෙත් අදාළ නෞකාව මෙරට වරායට භාරගැනීමක් සිදුනොකරන බව හාබර් මාස්ටර්වරයා සඳහන් කළේය.

මතභේදයකට තුඩු දී ඇති මෙම නෞකාව සම්බන්ධයෙන් වරාය බලධාරීන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ද ඔහු මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර නවතම දත්තවලට අනුව පසුගිය 13 වනදා මලක්කාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට පැමිණි “හිපෝ ඉස්ප්‍රිට්” නෞකාව සෘජුවම ශ්‍රී ලංකාව බලා යාත්‍රා කර ඇති බව ද තහවුරු වී තිබේ.


No comments:

Powered by Blogger.