Header Ads

Breaking News
recent

පොලිස් නිලධාරියෙකු යැයි කියා තරුණියක විවාහ කරගන්නට ගිය හමුදා සෙබලාට වෙච්ච වැඩේ

පොලිස් නිලධාරියෙකු යැයි කියා තරුණියක විවාහ කරගන්නට ගිය හමුදා සෙබලාට වෙච්ච වැඩේ

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මන්ම්පිටිය ප්‍රදේශයේ තරුණියක විවාහ කර ගැනීමට පොරොන්දු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා ඊයේ (දෙසැ.25) පොළොන්නරුව පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන සිප්පිකුලම ප්‍රදේශයේ පදිංචි යුද්ධ හමුදා සෙබළෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

ඔහු සන්තකයේ තිබී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල ලාංඡන සහිත නිල ඇඳුමක්, නිල ඇඳුමෙන් ලබා ගන්නා ලද ඡායාරූපයක්, ව්‍යාජ 5,000 නෝට්ටු 2ක් ද සොයා ගෙන තිබේ.

සැකකරු අද (දෙසැ. 26) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම සිද්ධියට සම්බන්ධ තරුණියගෙන් ප්‍රකාශ සටහන් කර ඇති අතර පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

No comments:

Powered by Blogger.