Header Ads

Breaking News
recent

ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යානා 03කින් උගන්ඩාවට ගෙන ගියේ ලංකාවේ මුද්‍රණය කළ උගන්ඩා මුදල් නෝට්ටු – ශ්‍රී ලංකන් කියයි

ශ්‍රී ලංකන් ගුවන් යානා තුනකින් පසුගිය වසරේ පෙබරවාරියේ උගන්ඩාවට රැගෙන ගිය ආන්දෝලනාත්මක  මුද්‍රණ ද්‍රව්‍ය ලෙස හැඳින්වූයේ  උගන්ඩා රජයේ මුදල් නෝට්ටු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

උගන්ඩා රජයේ ඇනවුමක් මත  මෙරට තිබෙන ජාත්‍යාන්තර මුදල් මුද්‍රණය කරන ආයතනයක  මෙම උගන්ඩා  මුදල්  මුද්‍රණය කර ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ට්විටර් පණිවිඩයක් මගින්  දන්වා සිටී.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින්  ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළේ  මේ සම්බන්ධව ඇති  වාණිජ ගිවිසුමක් හේතුවෙන් එම මුද්‍රණ ද්‍රව්‍ය මොනවා දැයි හෙළි කළ නොහැකි බවය.


No comments:

Powered by Blogger.