Header Ads

Breaking News
recent

ගාල්ල ගෝටාගෝගමට පොලිසිය පැන කූඩාරම් ගලවා විසි කරයි

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට පොලීසිය විසින් බාධා පමුණුවා ඇත.

අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයාට ඉවත් වන්නැයි ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.

‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එම විරෝධතාවයන් නම් කිරීමට ද කටයුතු කර තිබිණි.


No comments:

Powered by Blogger.