Header Ads

Breaking News
recent

EXCLUSIVE : අර්බූදය විසඳන්න ජනපති යෝජනා 3ක් ඉදිරිපත් කරයි! ඇමැතිවරු 2කට විරුද්ධ වෙයි! අවසන් තීන්දුව ජනපතිටම පවරයි!

ජනාධිපතිවරයා හා හිටපු ඇමැතිවරුන් අතර ඊයේ පැවැති සාකච්ජාවේදී පවතින දේශපාලන අර්බූදයට විසදුමක් වශයෙන් යෝජනා 3ක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.

ඉන් පළමු යෝජනාව වී ඇත්තේ ජ්‍යෙෂ්ඨයන් පසුපසට වී තරුණයන්ට අවස්ථාව ලබා දීමය.

ජනාධිපතිවරයාගේ මෙම ‌යෝජනාවට මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ පක්ෂව අදහස් දක්වා තිබුණද සරත් වීරසේකර ඊට එරෙහිව අදහස් පළ කොට ඇත.

ජනාධිපතිවරයාගේ දෙවන යෝජනාව වී ඇත්තේ අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලයම ඉවත් වී විපක්ෂයට ආණ්ඩුව කරගෙන යාමට අවස්ථාව ලබා දීමය.

ඊට සියලු දෙනාම විරෝධය පළ කොට ඇත්තේ ආණ්ඩුවට 113ක බහුතරය තිබියදී එසේ විපක්ෂයට ආණ්ඩු බලය ලබා දිය යුතු නැතැයි කියාය.

ජනාධිපතිවරයාගේ තෙවන යෝජනාව වී ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමය.

බහුතර බලය පැවතීම හේතුවෙන් ආණ්ඩුවේ මෙම යෝජනාවටද මන්ත්‍රීවරු විරෝධය පළ කොට ඇත.

ඒ අනුව අවසන් එකගතාවයක් නොමැතිව සාකච්ඡාව අවසන් වි ඇතිඅතර ජනාධිපතිවරයා ගන්නා ඕනෑම තීරණයට එකග වන බවද මන්ත්‍රීවරුන් අවසානයේදී ප්‍රකාශ කොට ඇත.


No comments:

Powered by Blogger.