Header Ads

Breaking News
recent

හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් අමාත්‍යාංශයේ වාහන 6ක් අරන් ගිහින්! කාෂිකර්ම අමාත්‍යාංශය වාහන අර්බුදයකට මුහුණ පායි!

හිටපු කාෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයාට අනුයුක්ත කරන ලද වාහන තුනක් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට නිකුත්ක කරන ලද වාහන තුනක් මෙලෙස භාර දී නැත.

හිටපු රාජ්‍ය ඇමැතිවරයා විසින් භාවිත කරන ලද ටොයෝටා වී 8 වර්ගයට අයත් KW 9982, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් වන KQ- 4046, ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් වන KX 8136 සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා යොදා ගත් බී.එම්.ඩබ්ලිව්. වර්ගයට අයත් KY – 4319 හා ඩබල් කැබ් රථ දෙකක් වන PF – 7320, PH – 0478 යන වාහන මෙතෙක් භාරදී නොමැති බව අනාවරණය වේ.

මෙම දේශපාලනඥයා කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරයා විසින් වෙනත් අමාත්‍යාංශයකට පත් කළේය. එහිදී අදාළ රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ඉහත අංක දරන වාහන හය කෘෂිකර්ම අමාත්‍යාංශයට භාර නොදී එම රාජය අමාත්‍යාංශයට රැගෙන ගොස් තිබේ. මෙම වාහන භාර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉකුත් වසරේ (2021) ජූලි මස 23 වැනිදා මෙකී රාජ්‍ය ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. එමෙන්ම අදාළ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉකුත් මැයි මස 05 වැනිදාද මෙම වාහන සම්බන්ධව දැනුම් දී ඇතත් මෙතෙක් එම වාහන භාරදී නැත.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ දැනට පවතින වාහන බොහෝමයක් පැරණි ඒවා බවත්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් 25 දෙනාගෙන් නිල වාහන ලබාදී ඇත්තේ අට දෙනෙකුටත් පමණි.


No comments:

Powered by Blogger.