Header Ads

Breaking News
recent

රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබ‍ලයෙක් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම්!

තවත් රාජපක්ෂවරයෙක් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වී දේශපාලනයෙන් ද සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

රාජපක්ෂවරුන්ට සමාජය තුළ ඇති වී තිබෙන දැඩි විරෝධය හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා ලෙස සැළකෙන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය 09 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෛන් ඉවත් වූ අතර ඔහු කියා සිටියේ තමන් දේශපාලනයේ දිගටම යෙදී සිටින බවයි.

මේ වනවිට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කරති. ඔවුන් අතරින් ප්‍රබල චරිතයක් ඉදිරි දින කිහිපයේ දී මන්ත්‍රීධූරයෙන් ඉවත් වී දේශපාලනයෙන් ද විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනක කියා සිටියේ තමන් ධූරයෙන් ඉවත් නොවන බවයි.

-rata


No comments:

Powered by Blogger.