Header Ads

Breaking News
recent

ජන්ද නවත්වන්න ජෝන් යෝජනා කළේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවකටද?

මහමැතිවරණයක් පැවැත්වීම තවත් මාස 6කින් කල් දැමිය යුතු බවට වූ යෝජනාවක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා විසින් පසුගිය දිනෙක සිදුකරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවකටද අනුව යන්න පිළිබදව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.

පවතින ව්‍යවස්ථාව යටතේ වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත හිමි වූවද ඒ මහතා කළ ප්‍රකාශයට අනුව ඒ සදහා වසර 3ක් බලා සිටිය යුතුව ඇත.

මේ වනවිට ජනාධිපතිවරයාගේ මෙන්ම පොහොට්ටුවේ ප්‍රධානීන්ගේද ස්ථාවරය වී ඇත්තේ වසර දෙකහමාර පිරෙන මොහොතේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමය.

නමුත් මේ වනවිට රට තුළ මතුව පවතින උග්‍ර ආර්ථික අර්බූදය විසදාලීමට ඇති නොහැකියාව සහ ඒ හේතුවෙන් මතුවන ජනතා අප්‍රසාදය මත වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ අදහස වී ඇත්තේ මහමැතිවරණය පැවැත්වීම කෙසේ හෝ තවත් මාස කිහිපයකට කල් දමා ගැනීමය.

ඉදිරි කාලය ඇතුළත ආර්ථික අර්බූදය විසදා ජනතාවට සහන ලබා දීමට නොහැකි නිසා තවත් මාස 6ක පමණ කාලයක් ගෙන මෙම තත්ත්වය මදක් හෝ අඩු කොට එජාපයට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කර ගැනීම වික්‍රමසිංහ පාර්ශවයේ උත්සාහය වී තිබේ.

ඒ අනුව ජෝන් සෙනෙවිරත්න මහතා ඉකුත් දිනෙක කළ ප්‍රකාශය හුදෙක් ඔහුගේ වුවමනාවට කළ එකක් නොවන බවත්, එය වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවට අනුව කළ එකක් බවත් බොහෝ දෙනාගේ මතය වී ඇත.

-mawratanews


No comments:

Powered by Blogger.