Header Ads

Breaking News
recent

රෝසි තවත් පිස්සුවක් කෙළියි!

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානයක මහත්මිය විසින් කොළඹ නගර සභා භුමි පරිශ්‍රයේ ‌වගා කටයුතු සිදුකිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් ඊට නගර සභා නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ නගර සභා භූමිය ජාතික උරුමයක් සේ නම් කර ඇති බැවින් එහි කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බවකි.

කෙසේවෙතත් එම විරෝධය නොතකා දැනටමත් රෝසි සේනානායක මහත්මිය විසින් එළවලු වගා කිරීම සදහා අදාළ භූමි භාගයේ අඩක් පමණ ඩෝසර් කොට ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් නිලධාරීන් පිරිසක් මේ වනවිට ජනාධිපතිවරයාට පවා පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවකි දැනගන්නට ඇත.

මීට පෙර ඇය විහාරමහාදේවි උද්‍යානයේද එළවලු වගා කිරීමට තීරණය කොට තිබිණ.


No comments:

Powered by Blogger.