Header Ads

Breaking News
recent

ජනාධිපතිවරයා වියත්මගේ අපි රැවට්ටුවා... ආර්ථිකේ මට භාර දුන්නා නම් රටට මෙහෙම වෙන්නේ නෑ... ඩලස් එක්ක අලුත් ගමනක් යනවා – ආචාර්ය නාලක ගොඩහේවා (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමා ඇතුළු වියත්මග දැඩි රැවටීමකට ලක් කළ බවත් රට ගොඩනැඟීමට තම දායකත්වය ලබා නොගත් බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

වියත්මගේ ආරම්භක සාමාජිකයකු වන ආචාර්ය ගොඩහේවා පවසන්නේ මේ වන විට රට ෆේල් හෙයින් රටේ නායකත්වය ද ෆේල් බව පිළිගැනීමට සිදුවන බවයි.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික වැඩපිළිවෙළ සැකසූ තමන්ට අනතුරුව ආර්ථිකය හැසිරවීමේ බලය ලබා දුන්නේ නම් රටේ ආර්ථිකය බිඳ වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවයි, ඔහු අවධාරණය කළේ.

ඉදිරියේ දී දූෂණයෙන් වංචාවෙන් පවුල් පාලනයෙන් තොර නව දේශපාලන ගමනක් ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායමට තම සහාය හිමි වන බවත් ආචාර්ය ගොඩහේවා ප්‍රකාශ කළේය.


No comments:

Powered by Blogger.