Header Ads

Breaking News
recent

මෙන්න ආයෙත් ණය ඉල්ලන්න පටන් අරන්! ඉන්දියාවෙන් ජපානෙන් සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 850ක් ඉල්ලලා! IMF එකෙන් හම්බවුණාම දෙන්නම් කියලා!

යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම අනුමත කරන තෙක් ශ්‍රී ලංකාව ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව හෝ වෙනත් ආධාර සපයන ආයතනයකින් ඩොලර් මිලියන 850ක අරමුදල් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මාස හයක් වැනි කෙටි කාලයකට මුදල් ලබා ගැනීමට මේ පාර්ශ්ව සමඟ ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

2022 පළමු මාස නවය තුළ විදේශ සංවර්ධන හවුල්කරුවන් සහ ණය දෙන ආයතන සමඟ ගිවිසුම් අටකට එළැඹීමෙන් දැනටමත් ඩොලර් බිලියන 1.87 ක විදේශ මූල්‍ය ආධාර ලබාගෙන ඇති බව අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

2023 සඳහා විදේශ අරමුදල් ඒකරාශී කිරීම හදිසි කාරණයක් ලෙස සලකා එකඟතාවකට පැමිණීම සඳහා ආධාර දෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා දැන් සිදුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අනාවරණය කළේය.

No comments:

Powered by Blogger.