Header Ads

Breaking News
recent

පොහොට්ටුව ජනපතිට දැඩි කොන්දේසියක් දමයි.. නැතොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව කියයි..

විපක්ෂයෙන් ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණෙන පිරිස් සඳහා අමාත්‍යධූර ලබා දීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි අමාත්‍ය ධූර ලබා දිය යුතු බව එම පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් විසින් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත ඔවුන් පෙන්වා දී ඇත්තේ තම පක්ෂයට අමාත්‍ය ධුර 16ක් ලබා දීමට එකඟ වී ඇති බවත් පළමුව එය සිදු කළ යුතු බවත්ය.

එසේ සිදු නොකර අලුතින් පැමිණෙන අයට අමාත්‍ය ධුර ලබා දුන්නොත් ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත් වන බව ද එම පිරිස සඳහන් කර තිබේ.

එමෙන්ම අයවැය අවසන් වූ නිසා වහාම කැබිනට් මණ්ඩලය අලුතින් පත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා ඇත අතර විපක්ෂයෙන් පැමිණ අය සදහා ප්‍රධාන අමාත්‍ය ධුර ලබා නොදෙන්නැයි ද ඉල්ලීම් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම ඉල්ලීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

No comments:

Powered by Blogger.