Header Ads

Breaking News
recent

ෂැංග්‍රිලාවේ සුපිරි මගුලක්! ජනාධිපතිවරු තුන්දෙනෙක්! මහින්ද-බැසිල්-ගෝඨා-රනිල් එකම ‌මේසයක! කෑම බීම උතුරන්න

හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ගාමිණී සෙනරත් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වී තිබේ.

මෙම මංගල්ලයට ඉහළම ප්‍රභූ පැලැන්තිය, ඉහළම ව්‍යාපාරික ප්‍රජාව, පොහොට්ටුවේ දේශපාලන ප්‍රධානීන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ. 
මෙහිදී දැකගන්නට ලැබී ඇති විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරුන් තිදෙනෙක් මෙම උත්සවයට සහභාගී වී සිටීමය.

ඒ, හිටපු ජනාධිපති ‌මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

මොවුන් තිදෙනා සහ බැසිල් රාජපක්ෂ මහතා එකම මේසයක අසුන්ගෙන සිටි බවද වාර්තා වේ.

මෙම උත්සවයේදී ඉහළම පන්නයේ මත්පැන් සහ සුපිරි වර්ගයේ ආහාරපාන ලබා දී ඇති බවද දැනගන්නට තිබේ.

විපක්ෂයෙන් ඊට සහභාගී වී ඇත්තේ තලතා අතුකෝරල, ජේසී අලවතුවල සහ හේෂා විතානගේ යන මහත්වරුන්ය.

ඒ, මනාලියගේ පාර්ශ්වය නියෝජනය කරමිනි.

දෙවැනි ගමනද ලබන 8 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේදීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

No comments:

Powered by Blogger.