Header Ads

Breaking News
recent

හුට පට අස්සේ මාධවී වත්සලා ගැන අමුතු කතාවක්

මාධවී වත්සලා ගැන කිය වුන අමුතු කතාව
"ගොදුරක් නොවන්න දඩයම් කරුවෙක් වන්න.."

පසුගිය දිනවල ජැක්සන් ඇන්තනී කලා කරුවාගේ එකම දියණිය වන මාධවී වත්සලා ඇන්තනී ගැන විවිධ ගොසිප් පුවත් සමාජජාලාවල පළ වුණා.

 ගොසිප්99  කණ්ඩායම පාඨක ඔබ වෙත ගොසිප් වුවත් ඒ හරි දේ හරි හැටියට ගෙන එන නිසා අපි මාධවී වත්සලා ගැන පළවූ පුවත ගැන සොයන්නට පටන් ගත්ත.

එසේ සොයද්දී මුහුණු පොත තුළ තුළ මාධවී වත්සලා ගැන කියවෙන අපූරු කතාන්දරයක් දක්නට ලැබුණා. ඒ පහත පරිදිය

 මුලින්ම කියන්න ඕන මං සාමාන්‍යයෙන් නාට්‍ය බලන්නේ තෝරලා බේරලා..  මොකද මේ මෙගා රැල්ල හින්දා ආසාවෙන් බලපු නාට්‍ය කිහිපයක්ම මම බලන එක නවතන දැම්මා.. මට අනුව ඒ නාට්‍ය මෙගා හින්දා එක තැන පල්වෙන ගත්තා..

 වෙනස් වුනේ කූඹියෝ කියන නාට්‍යයෙන්.. කාලෙකට පස්සේ දැනෙන නාට්‍යයකටකියලා මම බැලුවේ ඒක එක ඒකට පස්සේ නාට්‍ය කිහිපයක්ම උත්සාහ කළ බැලුවත් ඒවත් සාම්ප්‍රදායික තාලයේ නාට්‍ය හින්දා හිමිට  මම අතෑරලා දැම්මා.

මේ නිසාම කෙටියෙන් කිව්වොත් නාට්‍ය විතරක් නෙවෙයි ඒත් එකම රූපවාහිනියේ බලනවා කියන එක මම අත ඇරියා You Tube එකේ හොඳ හොඳ content තියෙන හින්දා රූපවාහිනී බලනවා කියන එක අතහැරුණ කියන එක මගේ රසවින්දනයට එතරම් බලපෑවේ නෑ.

එහෙම ඉන්නකොට තමයි අහම්බෙන් වගේ (ඒකත් මට මතක හැටියට දැක්කේ fb  එකෙන්) ටිකක් හිතට වැදුනු කැප්ෂන් එකක් දැක්කේ.

"ගොදුරක් නොවන්න දඩයම් කරුවෙක් වන්න.."

මම මේ caption එක දැක්ක ගමන් හිතුවේ දේශපාලන වැඩසටහනක් කියලා මොකද ඒක ගියේ සිරස ටීවී එකේ පස්සේ තමයි ඒක ඩ්‍රාමා එකක් කියලා දැනගත්තේ.

නම "වන්දෝලි.."

 කතාවේ තිබ්බ වෙනස සහ ඒ  වෙනසට

 කැමැත්තක් ඇති වුණ හින්දා ඊට පස්සේ කතාවෙන්ම ටීවී එකෙන් බලන්න පුරුදු වුනා.. මතක හැටියට දැන් යන්නේ කොටස් දහයක් 11ක් වගේ..

දැනට බලපු කොටස්වල හැටියට කතාව ගැන සරලව කියනවා නම් මෙහෙමයි.

මෙය එක්තරා ගමක මුල් කරගත්ත 1978-80 වගේ කාල කාල පරිච්ඡේදයකට අයත්වන කතාවක් මේ ගමේ ඉන්නවා අවාසනාවන්තියන් විදියට සමාජයෙන් බැහැර කරපු ස්ත්‍රී කණ්ඩායමක් එයාලා ඉන්නේ නාරි මඩමක මේ ස්ත්‍රී කණ්ඩායම අහල පහල තියෙන ගම් වලට කඩා වැදිලා කොල්ල කෑවත් එයාලා අසාධාරණයට එරෙහිව හැමවෙලේම නැගී සිටියා.. කතාව පටන් ගන්නේ මිස්සක ‌ලොකුබණ්ඩාර කියන වෛද්‍යවරයා කොළඹ අත ඇරලා මේ ගමට එන එකෙන්. ඔහු එන්නේ තමන්ගේ වෘත්තීය තුළ සිද්ධ වෙන අසාධාරණ දැකලා ඒ අසාධාරණ අසාධාරණකම් ගැන කලකිරිලා ආරණ්‍යවාසීව මේ ගමේ පැවිදි වෙලා ඉන්න තමන්ගේ මිතත්‍රයා සොයාගෙන.

නමුත්වෙ ඔහු ගමට එද්දී දැනගන්නවා තමා තමාගේ මිත්‍රයා වෙච්ච ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා කියලා.

එතනින් එහාට මේ වෛද්‍යවරයා ගමේ ජීවිතය හැඩ ගැහෙන්න විදිහ, නාරි මඩමේ ඉන්න ගැහැනුන්ගේ ප්‍රශ්න ගම හා බැඳුණු පන්සලේ හාමුදුරුවන්ගේ අතුරු කතා ත් එක්ක තමයි මට හිතෙන විදියට මේ නාට්‍ය ගලා යන්නේ..

ඒ වගේමයි දමිතා අබේරත්න, හිමාලි සිරිවර්ධන, නිරෝෂා තලගල,  බුද්ධික ජයරත්න මාධවී වත්සලා නිල්මිණි කෝට්ටෙගොඩ සුදත් ඇන්තනී රංගි රාජපක්ෂ වගේ ප්‍රවීණමෙන්ම දක්ෂ නළු නිළියන් කණ්ඩායමකගේ අති විශිෂ්ට රංගන දායකත්වය ගැනත් මෙතනදි කියන්න ඕන madhavee anthony එහෙම කියන්නේ වැඩිය නාට්‍යවල දකින්න පුළුවන් චරිතයකුත් නෙමෙයිනේ.. ඇත්තම කිව්වොත් මම නම් ගොඩක්ම ආස මාධවී නිරූපණය කරන ඒ ලන්නිගේ  චරිතයට.

වර්තමානයේ සමාජය තුළත් කාන්තාව කියන චරිතය අමු අමුවේ අසාධාරණ  සිදු වෙද්ද, ඒ වගේම අසාධාරණයට ලක් වෙලා  සමාජයෙන් කොන් වෙන මේ නාරි මඩමේ ස්ත්‍රීන් වටා මූලික චන්දෝලි කතාව ඉදිරියටත් රසවිඳින්න පුළුවන් ආකාරයෙන් මට හිතෙන හින්දා.

වෙනස් වෙනස් කතාවක් වෙනස් විදියට රසවිඳින රසවිදින්න කැමති හැමෝම සතියේ දවස් වල රාත්‍රී 7:30  සිරස ටීවී තුලින් චන්දෝලි නරඹන්න කියලා මං ලෙන්ගතුව ආරාධනා කරනවා. යනුවෙනි.

No comments:

Powered by Blogger.