Header Ads

Breaking News
recent

ගල් අගුරු නෑ... නොරොච්චෝල කොටසක් නවතන්න දැනුම් දුන්නා... දීර්ඝ විදුලි කප්පාදුවක් - PUCSL සභාපති

නියමිත පරිදි ගල් අඟුරු ආනයනය කර ගත නොහැකි වුවොත් එළැඹෙන වසරේ පැය අටත් දහයත් අතර දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. අගෝස්තු මාසයේ සිට මේ දක්වා වූ කාලයේ දී මෙරටට පැමිණ ඇත්තේ ගල් අගුරු නැව් පහක් පමණක් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව ඇතිව තිබෙන ගල් අගුරු හිගතාවය මත නොරොච්චෝල බලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍ර කි‍්‍රියා විරහිත කිරීමට නිර්දේශ දුන් බවද සභාපතිවරයා කියයි.

පවතින තත්ත්වය කළමනාකරණය ගැනීම සඳහා මෙම පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කරයි.

ලබන වසරේ අප්‍රේල් මස 15 වන දින දක්වා ඇති කාලය තුළ මෙරටට ගෙන්වා ගත හැකි නැව් සංඛ්‍යාව ඉතා සීමිත වී ඇති බවත් එය එළඹෙන වසරේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් නැති බව ද පැවසූ ඔහු ඒ අනුව නැවතත් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවද කියා සිටියේය.



No comments:

Powered by Blogger.