Header Ads

Breaking News
recent

චමුදිත CID කැදවූ ෂාෆ්ටර් ඝාතනය ගැන ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න…

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක සිදු කළ සාකච්ඡාවක් හේතුවෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා රහස් පොලිසිය විසින් කැඳවා තිබේ. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

සමරවික්‍රම මහතා අදාළ සාකච්ඡාව සිදුකරන ලද්දේ නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමගයි.

ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කරන්නේ මෙම ඝාතනය සැකකරුවකු වන බ‍්‍රයන් තෝමන් යනු තිළිණි ප‍්‍රියමාලිටත් වඩා විශාල මූල්‍ය වංචාකරයෙකු බවයි.

බ්‍රයන් තෝමස් ඉහලට ගෙන ආවේ මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක අයිතිකාරයෙක් බවද හෙතෙම කියා සිටියේය.

No comments:

Powered by Blogger.