Header Ads

Breaking News
recent

උපයෝගිතා කොමිසමට බම්බු ගහගන්න කියා ආණ්ඩුව විදුලි බිල වැඩි කරන්න ලෑස්තියි!

විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගත යුතුව ඇති නමුත් මෙවර මහජන උපයෝගී කොමිසම මගහැර, කැබිනට් අනුමැතිය මත විදුලි බිල ඉහල දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබුණි.

ඒ මොහොතේ වාර්ෂිකව රුපියල් මිලියන 800 ක් උපයා ගැනීමට හැකි වන ලෙස විදුලි බිල ඉහළ දැමීමට අවසර ඉල්ලූ නමුත් මහජන උපයෝගී කොමිසම අවසර ලබා දී තිබුනේ රුපියල් මිලියන 500 ක් උපයාගත හැකි වන ආකාරයේ මිල ඉහළ දැමීමකට පමණි.

එළැඹෙන නව වසරේ නියගයක් ඇති වීමට නියමිත බවත් නියගය මධ්‍යයේ අඛණ්ඩ විදුලි සැපයමුක් ලබා දිය යුතුනම් විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යය වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

No comments:

Powered by Blogger.