Header Ads

Breaking News
recent

ඡන්දය කල් දාන්න ආණ්ඩුව නීති විරෝධී පියවරක් ගත්තොත් පොහොට්ටුවයි-UNP එකයි හැර සියලු පක්ෂ එක්කොට දැවැන්ත සන්ධානයක් හදන්න සාකච්ඡා ඇරඹේ!

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නීති විරෝධී අයුරින් කටයුතු කළහොත් ඊට එරෙහිව ආණ්ඩුව සමග සිටින පක්ෂ නොමැතිව සෙසු සියලු පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් ඒකරාශී කොට දෑවැන්ත සන්ධානයක් නිර්මාණය කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 
එම කටයුත්ත සදහා රටම පිළිගත් වෘත්තිකයන් රැසක් එක්වී සිටින බව දැනගන්නට ඇති අතර ඔවුන් දැනටමත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ සහ ‌කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම දැවැන්ත සනධානය සදහා මැතිවරණයක් මේ මොහාතේ අවශ්‍ය නැති බවට ප්‍රකාශ නිකුත් කරන පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂයත්, නිහඩව සිටින ජනතා විමුක්ති පෙරමුණත් එක්කර නොගැනීමට තීරණය වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව ඉදිරියේදී මැතිවරණය ඉල්ලා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත සන්ධානයක් ගොඩනැගීමට අමතරව ඊට අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම පක්ෂ සමග සාකච්ජා කිරීමට මෙම පිරිස පියවර ගෙන ඇති බවද වාර්තා වේ.


No comments:

Powered by Blogger.