Header Ads

Breaking News
recent

සෙනසුරු මාරුවෙයි... කැබිනට් මාරුවට සූදානම්... වෙනස්වන ඇමතිකම් මෙන්න

කල් දමමින් තිබූ කැබිනට් මාරුව 17 වනදා සවස යෙදී තිබෙන සෙනසුරු මාරුවෙන් පසුව සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතය. පසුගිය කාලයපුරාම කැබිනට් මාරුව සිදුකරන බව දැනුම් දුන්නද එය සිදු කෙරුණේ නැත.

විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ලැබුණු වාර්තාවක බොහෝ අමාත්‍යාංශ හා අමාත්‍යවරුන් කාර්‍යසාධනය අතින් පහල මට්ටමක සිටින බවට දැනුවත් කර ඇත.

ක්‍රීඩා,මහාමාර්ග,පරිසර,වනජීවී.විදුලිබල,සෞඛ්‍ය ,වරාය,වනජීවී,කර්මාන්ත, ප්‍රවාහන ඇතුළු අමාත්‍යාංශ වෙනස්වීමට නියමිත අතර දැනට කැබිනට්ටුවේ සිටින අමාත්‍යවරරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටද අවධානය යොමු කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාට අමාත්‍යාංශ පිලිබදව ලැබුණු වාර්තාවේ කාර්‍යෂමව වැඩ කරන අමාත්‍යාංශ අතරට පොලිස් අමාත්‍යාංශය ,වෙලෙද අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශ නම්කර ඇත.

– Repoter


No comments:

Powered by Blogger.