Header Ads

Breaking News
recent

මැතිවරණය යලි කල් යයි.. තීන්දුව බදාදා..

එලැඹෙන බදාදා දින වන විට රුපියල් මිලියන 500ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාවට නොලැබුණොත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම තවදුරටත් කල් යනු ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති උපුටා දක්වමින් එම වාර්තාවේ දැක්වෙන්නේ බදාදා දිනය වන විට මෙම මුදල් නොලැබුණහොත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහන් නව දිනයක් ප්‍රකාශ කිරීමට සිදුවනු ඇති බවයි.
මාර්තු 15 වනදා වන විට අවශ්‍ය මුදල නොලැබුණහොත් මුදල් නොලැබුණ බව නැවතත් අධිකරණයට ගොස් දැනුම් දීමට සිදුවන බවද සභාපතිවරයා සඳහන් කර තිබේ.

මැතිවරණයට සූදානම් වීම සඳහා කොමිසමට ෙමම මාසය අවසන් වන විට භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1100ක් අවශ්‍ය බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර භාණ්ඩාගාර නිළධාරියකු සඳහන් කර ඇත්තේ මැතිවරණයට මුදල් නිදහස් කිරීමට අවශ්‍ය අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර ඇති බවත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් ය.
-lankacnews

No comments:

Powered by Blogger.