Header Ads

Breaking News
recent

ගුවන් ගමන් පාලකවරුනුත් වර්ජනයට එක්වෙයි! යන එන ප්ලේන් පරක්කු වෙන්න පුලුවන්!

ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ  “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගක අද (15) නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසීය. 
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාද වීම් සිදු විය හැකි බවට අනතුරු ඇගවීමක් මෙම සංගමය විසින්  සිදු කරති .

එහෙත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා , හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා , වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බාධා ඇති නොවන බව ද තිසර අමරනන්ද මහතා අවධාරණය කළේය .

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සෑම සතියකම බදාදා දින පස්වරු 02.30 සිට 04.30 දක්වා කාළය තුළ සිය ධාවන පථයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වසා තැබීම සිදු කරති .


No comments:

Powered by Blogger.