Header Ads

Breaking News
recent

“රටට මෙහෙම වුණේ වැඩ නොකරන ජනතාව නිසා” – ජනතාවට දොස් කියමින් රට හදන හැටි පොහොට්ටු ලේකම් කියයි

වැඩ කරන ජනතාවගේ අයිතීන් දිනා දීම සඳහා මැයි දිනය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා ඇතැයි පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ සඳහා මූලික සාකච්ඡා වටයක් පසුගියදා 07 වැනිදා පැවැත්වුණු බවත්, මැයි දිනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට කමිටුවක් පත් කර ඇති බවත්, වෘත්තීය සමිති සන්ධානය සමඟ සාකච්ඡා කර අවසන් බවත් ඔහු කියා සිටියා.

මැයි දිනය සැමරීම සඳහා දැනට ගාලු මුවදොර, කැම්බල් පිටිය, නුගේගොඩ යෝජනා වී ඇති බවත්, ඒ ස්ථාන තුනෙන් ස්ථානයක් තෝරාගැනීමට සාකච්ඡා සිදු කරමින් පවතින බවත් හෙතෙම සඳහන් කළා.

වැඩ කරන ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල සැලසිය හැකි වුවත්, රටේ පවතින ආර්ථික අර්බුදය ඊට හරස්ව ඇති බවත්, ලෝක ආර්ථික අර්බුදය කඩා වැටුණු තත්ත්වයක් තුළ වැඩ කරන ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

වැඩ කරන ජනතාවට වඩා මෙරට වැඩ නොකරන ජනතාව වැඩි සංඛ්‍යාවක් සිටින නිසා රටට අයහපත් තත්ත්වයක් උදා වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.

ඒ වැඩ නොකරන ජනතාවත් වැඩ කරන ජනතාව සමඟම වැඩ කිරීමට පොලඹවා රට ඉදිරියට ගෙන යෑම අදහස බවද ඔහු කියා සිටියා.

පක්ෂයේ සභාපති ධුරය සඳහා මෙතෙක් කිසිවකුත් පත් කර නැති බවත්, ඉදිරියේදී සභාපතිවරයකු තෝරා පත් කරගන්නා බවත් කාරියවසම් මහතා පැවසුවා.


No comments:

Powered by Blogger.