Header Ads

Breaking News
recent

ජෙරොම් ප්‍රනාන්දුට වඩා බෞද්ධාගමට හානි කරන අය සිවුර දාගෙන ශාසනය ඇතුලේ ඉන්නවා - සෝභිත හිමි

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට වඩා බෞද්ධාගමට හානි කරන අය සිවුර දාගෙන ශාසනය තුල සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිළිපිටිය බෝධිරාජාරාමයේ දී පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත උන් වහන්සේ මේ අදහස් පල කලහ.

‘ජෙරම් ප්‍රනාන්දුට දඩුවම් දිය යුතුයි. ඒක අනිවාර්යෙන් කල යුතුයි. ඒත් ඊට වඩා සිවුර දාගත්ත ශාසනයට එක්තු වූ අය මේ සාසානය විනාශ කරන අයට ඉන්නවා. ඒ සම්බන්ධයෙන් කිසිද          පියවරක් ගෙන නැහැ. දළදා වහන්සේගේ මිල මුදල් සම්බන්ධයෙන් පොතක් ලියල තියෙනවා. ඒකේ කටයුතු සිදු වන ආකාරය ස්මබ්න්දයෙන්.

මේ සම්බන්දයෙන් මහනායක හිමිවරුන් මොනවද කරල තියෙන්නේ.  උන් වහන්සේලා මේක දන්නවද. ඒ අයට දුන්න දඩුවම් මොනවද. මේවා බුද්ධ සාසනයට ගැලපෙනවද. මේව ගැන හොයනවද

මොනවද මහනායක හමිවරුන් ගන්නා ලද තීරණය කුමක්ද. ජෙරම්ගෙන් සිදුවන හානියට වඩා හානියක් සිවුර දමාගෙන ඉන්න ශාසනය තුල ඉන්න උදවියගෙන් සිදු වෙනවා’

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක


No comments:

Powered by Blogger.