Header Ads

Breaking News
recent

ලංකාව බේරා ගැනීමේ චීන සැලසුම නන්දලාල් කුමන්ත‍්‍රණයකින් කඩාකප්පල් කලා (VIDEO)

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කළේ වත්මන් මහ බැංකු අධපති නන්දලාල් වීරසිංහ බව ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.

2015-2019 දක්වා කාලය තුළ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කරමින් ඇ.ඩො. බිලියන 12 කට වැඩි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයට ගැනීමට සහාය වෙමින් සහ ඩොලර් බිලියන 53 ක මුදලක් අපනයනකරුවන් විසින් විදේශ රටවල රඳවා තබා ගැනීමට හේතු වූ නව විනිමය කලමනාකරණ පනත සම්මත කිරීම දිරිගැන්වීමට කටයුතු කිරීම නිසා මෙම තත්වය ඇති යූ බවත් හෙතෙම පවසයි.

චීනයෙන් ලබා ගැනීමට සැලසුම් යොදා තිබූ ණය අධාර කඩාකප්පල් කිරීමට නන්දලාල් වීරසිංහ මහතා විසින් කිසිඳු අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය නිවේදනය කළ බව ද  ඔහු පෙන්වා දෙයි.

බංකොලොත්භාවය නිවේදනය කල පසු චීනයට මැදිහත් විය නොහැකි බවත් මුල්‍ය අරමුදලේ මාවතේ ගමන් කරවීමට කටයුතු කල බවත් ඒ මහතා සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.


No comments:

Powered by Blogger.