Header Ads

Breaking News
recent

ජනතා විරෝධය එල්ල වෙයි – එස්.එම් චන්ද්‍රසේන සහ මහීපාල එන නිසා ජනතාව නොයයි

අනුරාධපුර, වාහල්කඩ නව සතිපොළ විවෘත කිරීමේ උත්සවය සදහා, උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති මහීපාල හේරත්, හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන ඇතුළු දේශපාලනඥයන් රැසක් සහභාගී වීමට නියමිතව තිබුණු අතර, දේශපාලනඥයන්ගේ පැමිණීමට විරෝධය පාමින්, අනුරාධපුර ජනතාව එම උත්සවය වර්ජනය කර තිබෙන බව වාර්තා වේ.

අදාල සති පොළ විවෘත කිරීම ඊයේ දිනයේ දී සිදු කරන බවට නිවේදනය කර තිබුනද, ජනතාව එම අවස්ථාවට සහභාගී නොවීම හේතුවෙන් උත්සවය සංවිධානය කළ ප්‍රාදේශීය සභා නිළධාරීන්ට හිස් අතින් ආපසු යාමට සිදු විය.

සති පොළ විවෘත කිරීම සදහා පෙරවරු දහයට ඉහත නම් සදහන් කළ දේශපාලනඥයන් පැමිණෙන බවට වූ විශාල දැන්වීමක් පුවරුවක් ද සති පොළ ඉදිරියේ ප්‍රදර්ශනය කර තිබෙන බව පැවසේ.

කෙසේ වෙතත්, අවසානයේ දී එන බව දැනුම් දී තිබුණු දේශාපලනඥයන්ද එම අවස්ථාවට සහභාගී වී තිබුනේ නැත.


No comments:

Powered by Blogger.