Header Ads

Breaking News
recent

සජින් වාස්ටයි උදිත ලොකුබණ්ඩාරටයි ශ්‍රීලනිප සංවත්සරයේ ලොකු පුටු ලැබුණේ කොහොමද? ආසන සංවිධායකවරුන් ප්‍රශ්න කරන්න පටන් අරන්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සමයේ චෝදනා එල්ල වී තිබූ සජින් වාස් ගුණවර්ධන සහ උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරුන්ට ‌ශ්‍රීලනිප නායකයන් අතර ඉඩක් ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් මතුව තිබේ.

එහිදී සජින් වාස්ට සහ උදිත් ලොකුබණ්ඩාර හට පක්ෂ නායකයන් සමග ආසන පනවා තිබූ ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව සම්මේලනයට සහභාගී වී සිටි ආසන සංවිධායකවරුන් විමසා ඇත්තේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පහළ වෙනත් ආසනවල සිටියදී ඉකුත් ආණ්ඩු සමයේ චෝදනා එල්ල වූ මොවුන් හට පක්ෂ නායකයන් අතර ආසන පනවා තිබුණේ කව්රුන්ද කියාය.

ඊට නිසි පිළිතුරක් නොලැබුණු තැන ආසන සංවිධායකවරුන් දැඩි කෝපයෙන් යුතුව අදහස් පළ කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

No comments:

Powered by Blogger.