Header Ads

Breaking News
recent

මුදල් රාජ්‍ය ඇමතිට සාදයක කෑම විෂවෙලා රෝහලේ... කෑම රස පරීක්‍ෂකට යවයි!

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ආහාර විෂවීමක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ තිබේ. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව පැවති භෝජන සංග්‍රහයකදී ලබාගත් ආහාර ඔහුට විෂ වී ඇති බවද වාර්තාවේ.

ඒ අනුව ඇමතිවරයා ලබාගත් ආහාර රජයේ රස පරීක්ෂකයාට යවා පරීක්ෂණයක් කිරීමට ද කටයුතු සූදානම් කරමින් සිටී.

මේ වන විට රෝහල් ගතව සිටින ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක්  පැවසීය.


No comments:

Powered by Blogger.