Header Ads

Breaking News
recent

ඉන්දියාව දිනුවොත් මම නිරුවතින් යනවා - රේඛා.. ''ඕනෑම අභියෝගයකට සූදානම්'' - කැන්ගරුවන්ගෙන් සැර ප්‍රකාශයක්

අද (නොවැම්බර් 19) පැවැත්වීමට නියමිත 2023 ICC ලෝක කුසලානය සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රසිද්ධ තෙළිඟු නිළියක් වන රේඛා බෝජ් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ "ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත්, මම විශාකාපට්නම් වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා" යනුවෙනි. 

සමාජ මාධ්‍ය කලඹවමින් මෙම ප්‍රකාශය ඉන්දියාව පුරා දැඩි මතභේදයට ලක්ව ඇත.

ඉන්දීය විචාරකයින් පවසා ඇත්තේ ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රසිද්ධිය උදෙසා බවය.

කෙසේ වෙතත් ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමන් එම ප්‍රකාශය සිදුකළේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ආදරය දැක්වීම සඳහා බවය.

2023 ICC ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය හෙට (19) අහමදාබාද්හි දී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ සඳහා ඉන්දියානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග වැදීමට නියමිතය.

''ඕනෑම අභියෝගයකට සූදානම්'' - කැන්ගරුවන්ගෙන් සැර ප්‍රකාශයක්


විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසා ඇත.

ඒ, 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය හෙට (19) පැවැත්වීමට නියමිත ව තිබිය දී ය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනු, ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසු වන බව ද පැට් කමින්ස් පවසා තිබේ.

විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ලක්ෂයකටත් වඩා අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වීමට නියමිතය.

සියලු ප්‍රේක්ෂකයන් පැහැදිලිවම ඒකපාර්ශ්වික වනු ඇති නමුත් නිල් පැහැති කමිස හැඳි ලක්ෂයකට වඩා විශාල සෙනඟක් නිෂ්ශබ්ධ ව සිටින බව ඇසීම තරම් තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු නායකයා පවසයි.

හෙට දිනයේ අප ගේ අරමුණ එය බව ද පැට් කමින්ස් සඳහන් කරයි. 

-aruna.lk

No comments:

Powered by Blogger.