Header Ads

Breaking News
recent

රොෂාන් ක‍්‍රීඩා ඇමතිකමෙන් ඉවතට..? නව ක‍්‍රීඩා ඇමති SB…?

රොෂාන් රණසිංහ මහතා දැනට දරනු ලබනක්‍රීඩා අමාත්‍ය ධූරයේ වෙනසක් ලබන ජනවාරි මාසයේදී සිදුවුන ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි. දැනට පාර්ලිමේන්තුවේ සිදුවන අය වැය විවාදයෙන් පසු එය සම්මත කිරීමෙන් අනතුරුව මෙම කැබිනට් වෙනස සිදු කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡා පවත්වමින් ඇති බවද වාර්තාව සඳහන් කරයි.

රණසිංහ මහතා දරණ ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් ක්‍රීඩා අමාත්‍ය ධුරය ඉවත් ඉවත් කිරීමට එහිදී සැලසුම් කර ඇතත් වාරිමාර්ග අමාත්‍ය ධුරය වෙනසක් සිදු නොවනු ඇතැයි ද ඇති බවත් සදහන්ය.

නව ක්‍රීඩා අමාත්‍ය ධූරය සඳහා එස් බී දිසානායක මහතා යෝජනා වී ඇතැයි ද ඇති බවද වාර්තාව කියා සිටී.

රොෂාන් රණසිංහ මහතාගේ ක්‍රීඩා අමාත්‍ය ධූරය වෙනස් වීම සඳහා ආසන්න වශයෙන් ම බලපා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර මෑතකදී හට ගත් ආන්දෝලනාත්මක අර්බුදකාරී තත්ත්වයයි.

No comments:

Powered by Blogger.