Header Ads

Breaking News
recent

වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

පසුගිය නොවැම්බර් 21 වැනිදා පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් 27.2 යටතේ සිය ප්‍රශ්නය ඉදිරිපත් කරමින් සිටිය දී විපක්ෂනායකවරයා අසලට පැමිණ තර්ජනය කරමින්  එම ප්‍රශ්නය සහිත ලේඛනය බලහත්කාරයෙන් උදුරාගත්  පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත  සිද්ධිය ගැන තමන්ට පමණක්  දඬුවම් කිරීම හේතුවෙන් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බව වරප්‍රසාද ප්‍රශ්නයක්  ලෙස මතුකිරීමත් සමග පාර්ලිමේන්තුව උනුසුම් වුනේය.

මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ නොවිය යුතු සිද්ධියක් බවට පිළිගන්නා බවත්, ඒ සම්බන්ධව කණාගාටුව පළ කරන බවත් කී සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ විපක්ෂ නාකයවරයා විසින් කාලය කමින් පාර්ලිමේන්තුවේම වරප්‍රසාද කඩ කරන බවත්, රට බේරාගත් මහින්ද රාජපක්ෂ පස්වන විධායක ජනාධිපතිවරයා විවේචනය කරන බවත් ඒ තත්ත්වයන් නිසා තමන් මේ තත්ත්වයට ඇදවැටීමෙන් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති ආකාරයත් ය.
 
තවදුරටත් කතා කළ සනත් නිශාන්ත  කීවේ නලීන් බණ්ඩාර ජයමහ  විසින්  තමන්ගේ අනුදැනුමකින් තොරව තමන්ව වීඩියෝ කිරීම හේතුවෙන් තමන්ගේ වරප්‍රසාද කඩවූ බවය.

මේ අවස්ථාවේ දී  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නියෝජ්‍ය කතානායකවරයාගෙන් විමසා සිටියේ මේ වරප්‍රසාද ප්‍රශ්නයේ අඩංගුව කතානායකවරයා කියවා අනුමැතිය ලබා දී තිබේ ද යන්නය.

තමන් එසේ විශ්වාස කරන බව කී නියෝජ්‍ය කතානායකවරයාට අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ සේ නම් එය පාර්ලිමේන්තුව කතානායකවරයා සමග විසඳා ගත යුත බවය.

මේ අවස්ථාවේ දී නලීන් බණ්ඩාර ජයමහ මන්ත්‍රීවරයා කීවේ සනත් නිශාන්ත ඉදිරිපත් කළ වගන්තිය යටතේ  වීඩියෝගත කිරීමෙන් ඔහුගේ නොව කිසිවෙකුගේ  වරප්‍රසාද කඩනොවන බැවින් මෙවැනි බූරු ප්‍රශ්න වරප්‍රසාද ලෙස මතුකිරීමට ඉඩ නොදී සිටීමට වගබලා ගන්නා ලෙසය.


No comments:

Powered by Blogger.