Header Ads

Breaking News
recent

ගෝටාභයට විරුද්දව බදියුදීන් නඩු දමයි..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. තමන් වැරදි ආකාරයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙසේ නීති ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂකවරයා එක්ව තමන් වසර පහකට සිරකර තැබීමට සැලසුම් කර තිබූ බවද පැවසූ ඔහු එය දේශපාලන වාසි තකා සැලසුම් කරන ලද්දක් බවද කියා සිටියේය.

තමන්ට විරුද්ධව අසත්‍ය පවසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කර ඇතත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලද නිසා තමන්ට පවරන ලද නඩු වලින් තමන්ව නිදහස් කරන ලද බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

No comments:

Powered by Blogger.