Header Ads

Breaking News
recent

ගාල්ල බන්ධනාගාරයේ උණ රෝගයෙන් රැඳවියන් 07ක් රෝහල්ගත කරලා… මිය ගිය රෝගියාට මොළේ උණ….

උණ රෝගය වැළඳීමෙන් මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන බව  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක  පවසයි.
උණ රෝගිය වැළඳිමෙන්  රැඳවියන් 05 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  ප්‍රථිකාර ලබමින් සිටි අතර ඊයේ (06) තවත් රැඳවියන් දෙදෙනෙකු  එම රෝගයෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මීට දින කිහිපයකට පමණ පෙර උණ රෝගය වැළඳීමෙන් රෝහල්ගතව සිටි  රැඳවියකු මියගිය අතර ඔහු මොලේ උණ රෝගය වැළදිමෙන් මියගොස් ඇති බවට  රුධිරය ඇතුළු සාම්පල් පරික්ෂාවේ දි අනාවරණය වු බව  මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

ඒ සමග ගාල්ල  බන්ධනාගාරයේ අමුත්තන් බැලීම සහ අනිකුත් කටයුතු සිමාකිරීමටත් නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකිරිමටත් පියවරගත් බවද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.. ‍

රැඳවියන්ට හා නිලධාරින්ට   ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති අතර උණ රෝගි තත්ත්වය මේ වනවිට පාලනය වෙමින් පවතින බව සදහන් කළ බන්ධනාගාර මාධ්‍ය  ප්‍රකාශකවරයා    ගාල්ල බන්ධනාගාරයේ සාමාන්‍ය යෙන් රැඳවිය හැකි  රැඳවියන් සංඛ්‍යාව 400ක් පමණ වුවත් මේ වනවිට රැඳවියන් 1030 දෙනෙකු පමණ රඳවා සිටින බවද   කීවේය.

No comments:

Powered by Blogger.