Header Ads

Breaking News
recent

ඒ පාර සනත් නිශාන්තගෙන් වෙනම කතාවක් – වරායේ පාටිය අධ්‍යාපන චාරිකාවක්ලු

පසුගියදා ප්‍රධාන පුවත් මැවූ නෞකාවක පැවති බව කියන රාත්‍රී සාදය ගැන සඳහන් කරමින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පවසන්නේ, එය කොළඹ වරායේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කළ අධ්‍යයන චාරිකාවක් පමණක් බවයි.

මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ මෙම සංචාරය සුඛෝපභෝගී සාදයක් ලෙස සඳහන් කළ අය, එවැනි සාදවලට සහභාගී වීමේ කැමැත්තෙන් සිටින්නන් බවයි.

“අපට ඇත්ත පාර්ටියක් පවත්වන්න අවශ්‍ය වුණා නම්, අපි ඒක තියන්නේ සුඛෝපබෝගී යාත්‍රාවක මිස කැණීම් සිදුකරන යාත්‍රාවක නෙවෙයි” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

නැගෙනහිර සහ බටහිර පර්යන්ත පරීක්ෂා කිරීමට මෙන්ම වරාය කලාපයේ කැණීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වූ බවත්, ඒ සඳහා නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මෙම සංචාරය සම්බන්ධීකරණය කළ බවත් හෙතෙම අනාවරණය කළේය.

ඒ නිසා එය මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ ඉල්ලීම පරිදි සංවිධානය කළ මෙය අධ්‍යයන චාරිකාවක් පමණක් බව ඔහු යළිත් අවධාරණය කළේය.


No comments:

Powered by Blogger.