Header Ads

Breaking News
recent

“මගේ බිරිඳයි සජිත්ගේ බිරිඳයි ඥාතීන්; මම ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි” - නයන වාසලතිලක

තමා ද්විත්ව පුරවැසියකු නොවන බවත්, ලාංකික පුරවැසියෙක් බවත්, තමාට ඇත්තේ අවුරුදු පහකට වලංගු වන ස්ථීර පදිංචි ඔස්ට්‍රේලියානු වීසාවක් පමණක් බවත්,බදුල්ල දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රි නයන වාසලතිලක මහතා කියයි.

මේ අතර, ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා අනිවාර්යෙන්ම ඉදිරිපත්වන බවද පවසන නයන මහතා තම බිරිඳ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ඥාතීන් බවද කියා සිටී.

කෙසේවුවද, දේශපාලනයට ආවේ එම නෑකමට නොවන බවද ඔහු කියා සිටී.

ඉදිරි දේශපාලන සැලැසුම් සම්බන්ධයෙන් ඔහුගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි.

“තවමත් කිසි දෙයක් ගැන හරියට සැලසුම් කරලා නැහැ. මොකද හැමදේම වුණේ හදිසියේනේ. හැමදේම අධ්‍යයනය කරලා හොඳ සැලසුමක් හදාගන්න ඕන. මොනවා වුණත් රටට ජනතාවට වගේම අපේ පක්ෂයටත් හිතකර විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම වෙනදා වගේම ක්‍රීඩාව වෙනුවෙන් මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් සේවය කරනවා.”

එසේම නයන වාසල තිලක පිළිබඳව ඔහු හඳුන්වා දී ඇත්තේ මෙසේය.

“මම ඉපදුණේ දියතලාවේ. මගේ ආසනය හපුතලේ. මම ගොවි පවුලක පුතෙක්. ගොම මැටි පොළොවේ සුවඳ වින්ද දරුවෙක්. මගේ අම්මා ගුරුවරියක්. අප්පච්චි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. මට අවුරුදු 19 දී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා අප්පච්චි මාව ස්විට්සර්ලන්තයට යැව්වා. එහිදී මම හෝටල් කළමනාකරණ උපාධියක් කළා. ආපහු ලංකාවට ඇවිත් හිල්ටන් හෝටලයේ විධායක නිලධාරියෙක් හැටියට සේවයට එකතු වුණා. එතනදි තමයි මගේ බිරිඳව මට මුණගැහෙන්නේ. ඊට පස්සේ අපි විවාහ වෙලා ඔස්ට්‍රේලියාවට ගියා.”

මන්ත්‍රී ධූරය හැරයාමට පෙර චමින්ද විජේසිරි මහතා තමාට කතා කළ බව පවසන නයන මන්ත්‍රී ධූරය ගත්තේ කෝටි 9 යකට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරණ චෝදනාව තමා ප්‍රතික්ෂේප කරන බවද නයන මහතා කියා සිටී.

මූලාශ්‍රය – අරුණ


No comments:

Powered by Blogger.