Header Ads

Breaking News
recent

‘ඉමියුනෝග්ලෝබින්’ එන්නත් ලෙස දී ඇත්තේ පාට කල වතුරයි - වාර්තාව අධිකරණයට!

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.

එලෙස ලබාදී ඇති පාට කරන ලද “වතුර” වල බැක්ටීරියා වර්ග ද ආශාධනය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය ප්‍රමිතියෙන් තොර එම ප්‍රතිදේහ එන්නත් ලබාදුන් රෝගීන් තිදෙනෙකුගේ ජීවිත මාරාන්තික තත්ත්වයට පත්වී ඇතැයි ද දැනුම් දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් ඒ බව දැනුම් දී ඇත.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් හදිසි මිලදී ගැනීම් වශයෙන් මෙම ඖෂධ මිලදී ගෙන ඇති බවත් එලෙස මිලදී ගත් ඖෂධ බොහෝ ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බව මේ වන විටත් හෙළිවී ඇති අතර ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් පරීක්ෂා කිරීමට තරම්වත් සුදුසු තත්ත්වයක නොමැති බවලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව කරන ලද විමර්ශනයකදී හෙළි වූ බවද අධිකරණයට වාර්තා කර තිබිණි.

රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශන වලදී මේ තත්ත්වය හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විටත් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට ඇති බාල ඖෂධ සැපයුම්කරු මෙන්ම සෞඛ්‍ය ලොක්කෝ බොහෝ දෙනෙක් අධිකරණයට පවසා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හා කැබිනට් මණ්ඩලයේ නියෝග අනුව තමුන් කටයුතු කළා මිස මෙම අපරාධයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

– ADA


No comments:

Powered by Blogger.