Header Ads

Breaking News
recent

හරක් කටා හොල්ලන්න තහනම්

අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්පරයකු මෙන්ම පාතාල නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා" නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කර අවසර ලබාගත යුතු බව අභියාචනාධිකරණය විසින් ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

හරක් කටා නමැත්තාගේ පියා වන නෙල්සන් වික්‍රමරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත නොතිසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා හරක් කටා නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ අභියාචනාදීකරණයෙන් අවසර ලබා ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

ඉන් අනතුරුව පෙත්සම යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට ද නියෝග කෙරුණි.

දැනට අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාට පනවා තිබෙන රැදවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටා නමැත්තාගේ පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

No comments:

Powered by Blogger.