Header Ads

Breaking News
recent

ෆොන්සේකා රනිල් හා එක්වෙයි!

සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විමට අපෙක්ෂා කල බවත්, එම අපෙක්ෂක ධුරය ඔහු වෙත ලබා නොදුන් නිසා සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පා.ම පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (21) දින හැටන් වැලිඔය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්විමකදිය.

මෙහිදි අදහස් දැක් වු පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා හිටපු සැම පක්ෂයකම නායකයින් විවේචනය කරමින් කටයුතු කල අයෙකු බවයි.

හමුදා මානසිකත්වයෙන් පෙලෙන සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්විමට සුදානමින් සිටින බවත්, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

No comments:

Powered by Blogger.