Header Ads

Breaking News
recent

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය කරන්න කාගම හිමි ලෑස්තියි! මට දෙන්න මම කරලා පෙන්නන්නම්!

‘පාස්කු ප්‍රහාරය මට අල්ලන්න දුන්නා නම් මම මෙලහකට අල්ලලා. මේක ශ්‍රී ලංකා පොලිසියටයි, ආරක්ෂක අමාත්‍යාංශයටයි දීපු හින්දා අල්ලන්න බෑ. ඇත්තටම මට දුන්නා නම් මං අල්ලලා. මං දන්නවා අල්ලන්න. පොලිසියට ඇස් පේන්නේ නැතුවාට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්න එවුන්ට ඇස් පේන්නේ නැතුවාට මට ඇස් පේනවනේ. රටේ එවුන්ගේ ඇස් වහලා මෝඩකම් කෙරුවට මං හෙට මැරුණත් බය නෑනේ. බේල්ල කපලා දාන්න කියන්නකෝ. මං බය නෑ මැරුණත්.

පාස්කු ප්‍රහාරයට පහුවදා එක කොල්ලෙක් කියනවා ‘අපේ තාත්තා මට පල්ලි යන්න එපා කිව්වා, බෝම්බ ගහනවා කියලා. ඒ හින්දා මං පල්ලි ගියේ නෑ’ කියලා. අමාරුද පාස්කු ප්‍රහාරය අල්ලන්න? ප්‍රධාන සාක්ෂිය මේ. පාපෝච්චාරණයක් කරනවනේ. ‘මගේ තාත්තා මට යන්න එපා කිව්වේ බෝම්බ ගහනවා කියලා. එදා බෝම්බ ගහන බව දැනගෙන හිටියා මගේ තාත්තා…’ කියලා. උගේ තාත්තා කවුද කියලා අල්ලගෙන අර හොරෙන් පොල් කඩාපු එවුන්ට කනට ගහපු ලීලාවෙන් ගහන්න බැරිද? කෝ නිලතල? කෝ නීතිය? මම දැකලා තියෙන්නේ එහෙම නිලධාරියෝ හින්දි චිත්‍රපටවල විතරයි. සජීවී ලෝකෙ බලාගන්න ලැබෙන්නේ නෑ. හින්දි චිත්‍රපටවල නම් සැබෑ නීතිය උදෙසා එක නිලධාරියෙක් හරි එනවා. ඇවිල්ලා ලෝකෙ ඉදිරියේ පෙනීහිටලා නිල ඇඳුමේ ගෞරවය ලෝකෙට පෙන්වනවා. අන්න එහෙම නිලධාරියෙක් මේ මිහිමඬලේ බිහිවේවා කියලා මම පතනවා ලොවුතුරු බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අනුව. සැබෑ මිනිස්සු නිර්මාණය කරන්න. සැබෑ දේ ඇත්ත ඇතිසැටියෙන් ලොව දකින්න වීර්යය කළා. හොයන්න බැරි නෑ. හෙව්වැහැකි. හැම අපරාධයක්ම හෙව්වහැකි.

කොල 3000ක් ලිව්වලු පරීක්ෂණ වාර්තාව. කොල 3000ක් කියන්නේ බයිබලය වගේ එකක්නේ. බයිබලය ඉහට තියාගෙන හිටපු එවුන්ව මරලා දාපු අපරාධය වෙනුවෙන් චූදිතයාව හොයන්න ආපහු බයිබලයක් ලිව්වා මේකලා. ඒත් අපරාධකරුවාව අත්අඩංගුවට ගන්න බැරිවෙච්ච මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල යැයි සම්මත කොට ඇති නීති පොත කවර කරුණක් නිසා හෝ මට ගිනි තියන්න හිතිච්චි හේතු දෙකක් තියෙනවා. එකක් ලංකාවේ නීති පොත. අනිත් එක තුන් නිකාය. මේ නිකාය තුනයි නීති පොතයි මට ගිනිතියන්න හිතිලා තියෙන්නේ. මේ නිකාය තුන ශාසනයම විනාශ කෙරුවා. නීති පොත සමාජයම විනාශ කරනවා. බෞද්ධ දර්ශනය ත්‍රිපිටකය මේකට වගකියන්න ඕනේ නැහැ. ත්‍රිපිටකයේ දෝෂයක් නෙවෙයි. ත්‍රිපිටකය අනුගමනය කරනවා යැයි කියා පෙනීහිටපු නායකයෝ කරපු අපරාධයක්. නීති පොතේ දෝෂයක් නෙවෙයි. නීති පොත හරි. නීතිය ක්‍රියාත්මක කරන්නට වගලත් නිලලත් බලලත් ඇත්තෝ කරපු අපරාධයක්.’

No comments:

Powered by Blogger.