Header Ads

Breaking News
recent

22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න සියල්ල සූදානම්!

එළඹෙන සැප්තැම්බර් මස 22 වෙනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම් යයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ පළමු ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා පත් වූ වහාම ඔහුගේ පළමු කාර්ය ලෙස එය සිදු කරන බවද ඒ මහතා පැවසුවේය.

දූෂිතයන්ගෙන් හොරුන්ගෙන් තක්කඩින්ගෙන් පිරී ගිය පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කිරීමට ජනතාවට අවස්ථාව දෙන බවත් හෙතෙම පැවසුවේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඔහු මම අදහස් පළ කරන ලදී.

No comments:

Powered by Blogger.