Header Ads

Breaking News
recent

පොහොට්ටුවට රිදෙන්න රනිල් අනුරාධපුරෙන් සටන අරඹයි.. නාමල්ගේ පොහොට්ටුව පරවෙයි!

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන සෙනසුරාදා (17) දින අනුරාධපුරයේදී මංගල රැළිය පවත්වමින් ජනපති සටන අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.

මංගල ජන රැළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී සෙනසුරාදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරයා රට බාර ගැනීමෙන් පසු දේශපාලන වශයෙන් පවත්වන පළමු ජන රැළිය මෙය බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

බහුතර පක්ෂ සංඛ්‍යාවක ජනතා නියෝජිතයන් සමග ජනතාව එකට එක්ව අපේක්ෂකයකු ‌වෙනුවෙන් මහජන රැළියක් පවත්වන පළමු අවස්ථාව ලෙස අනුරාධපුර ජන රැලිය ඉතිහාසයට එක්වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මංගල රැලිය ලබන (21) වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.


No comments:

Powered by Blogger.