Header Ads

Breaking News
recent

රටම බලා සිටි මාලිමාවේ තවත් සුවිශේෂී ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දක්වයි!

ඊයේ (13) පස්වරුවේ කොළඹ තාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවති “DoIT 5.0” – ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුවට සමගාමීව එම පක්ෂයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්විය.

ඒ සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘතිකයින් සහ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.

එමෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා ඉන්දියාව වැනි රාජ්‍යයන් වාර්ෂිකව උපයනා ආදායම පිළිබඳව අදහස් දැක්වූ දිසානායක මහතා එම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම් සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළේය.

මෙරට රාජ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතියේ ඇති දුර්වලතාද පෙන්වා දුන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ රේගු දත්ත පද්ධතිය හරහා මෙරට අපනයන ආදායම බැංකු ක්ෂේත්‍රයට ලැබේද යන්න පවා තහවුරු කර ගැනීමට පවතින තොරතුරු තාක්ෂණ පද්ධතිය අපොහොසත් වී ඇති බවයි.

එමෙන්ම තොරතුරු සහ දැනුම පුරවැසියන් වෙත ගලා යෑම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති වැදගත්කම පෙන්වා දුන් දිසානායක මහතා පුරවැසියන් බලගැන්වීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතයේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.


No comments:

Powered by Blogger.