Header Ads

Breaking News
recent

බස්නාහිර තව ටෙලිපෝන දෙකක් රනිල්ට... එකක් කෝටි 30යි!

අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් එක් කර ගැනීම සඳහා කෝටි ගණන් වියදම් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මධ්‍යයෙහි සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාතේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනකුට මිලියන 300ක ලන්සු ඇවිත් තිබෙන බවද තමන්ට ආරංචි වී ඇතැයිද ඔහු පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීම වැළැක්වීම මිස ඔහුට ජනාධිපති වීම නොවන බවද හෙතෙම පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙනැවිත් යලි රට බංකොලාත් වෙද්දී නැවතත් වික්‍රමසිංහ මහතාට බලය අල්ලා ගැනීම ඔහුගේ උපක්‍රමය වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජනාධිපතිවරණ ජන රැුලියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.