Header Ads

Breaking News
recent

“සජිත් එදා දිව්ව දිවිල්ල අවසන් වුණේ ඔලිම්පික් එකෙන්”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට බංකොලොත් වූ අවස්ථාවේ තමා රට බාරගත් වේලාවේ තමා හොරුන්ව ආරක්ෂා කිරීමට උතසහ දරණ බවට චෝදනා එල්ල කරන බවත්, එදා රට භාරගැනීමට සජිත් ඉදිරිපත් නොවූ බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, එරාවුර්, අක්කරපත්තු සහ පොතුවිල් ජන රැලි අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මම ජනපති වූ පසු හැම කන්නයම හොඳ අස්වැන්නක් ලැබුණා.එම වසර වල යල මහ කන්න දෙකම අප හොඳින් වගා කරනු ලැබුවා. ඒ අනුව මිනිසුන් ජීවත්වෙන්න පටන් ගත්තා. 2024 – 2025 යල කන්නයේත් එවැනිම අස්වැන්නක් ලැබුණා.මම ගෑස් මෙන්ම ඉන්ධන ලබා දුන්නා.මේ තරුණ ජීවිත වලට එළියක් පැමිණිය යුතුයි. මෙහි විශාල සෙනඟක් රැස්වී සිටිනවා. අවුරුදු දෙකකට පෙර වින්ද දුක අප අමතක කළ යුතු නැහැ.ඒ අවස්ථාවේ වගකීම බාරගන්න කිසිවකුත් සිටියේ නැහැ.මා එදා විපක්ෂ නායකත් නොවේ. කවුරුත් බාර නොගත් අවස්ථාවේ මා බාර ගත්තා .වෙන කෙනෙකුන් හිටියා නම් මා බාර ගන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ මට හිටියේ මා පමණයි. එහෙත් මා බඩගින්න දැක්කා. ගෙවල්වල තිබෙන ප්‍රශ්න දුටුවා.ජනතාව දුක් විඳින හැටි දුටුවා. තරුණයන්ගේ බලාපොරොත්තු නැතිවන හැටි දුටුවා.ඒ නිසා මා රටේ වගකීම මා බාරගත්තා අභියෝගය බාර ගත්තා.හිටපු අගමැතිවරයෙක් ලෙස එය මගේ යුතුකම බව මා දුටුවා. වෙනත් අයට එය කළ නොහැකි නම් මා එය කළ යුතු බව සිතුවා.මම අභියෝගය බාර ගෙන විසඳුවා.අභියෝගය බාර ගන්න බැරි වූ අය දැන් කියන්නේ කුමක්ද? මම ද්‍රෝහියා බව කියනවා. මම හොරු ආරක්ෂා කරන්න පැමිණි බව කියනවා.එහෙනම් ඇයි බාර ගත්තේ නැත්තේ. කොහෙද හැංගිලා හිටියේ. සජිත් හිටියේ කොහේද? එදා දිව්ව දිවිල්ලට ඔලිම්පික් යන්න තිබුණා. දැන් රට බාරගන්න ඉල්ලනවා.බාර ගන්න ඕන වෙලාවේ රට භාර ගත්තේ නැහැ.

ඔවුන්ට මේ ප්‍රශ්න විසඳන්න ශක්තිය නැහැ. මගේ මිත්‍ර අනුර කුමාර ගැන කතා කරන්නවත් හොඳ නෑ.අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩ කටයුත්ත කළා.එදාට වඩා අද ජීවිතය හොඳයි.තවත් බඩු මිල අඩු කළ යුතුව තිබෙනවා. අප රුපියල ශක්තිමත් කළ යුතුව තිබෙනවා. එවිට බඩු මිල අඩු වෙනවා. මා බාරගත් කාලයේ මේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 76 යි.අප රට බාර දෙනකොට එනම් 2019 දී ඩොලර් බිලියන 89යි. මා රට භාරගන්න විට ඩොලරයට රුපියල් 360 ක් ගෙවන්නට සිදුවුණා.උද්ධමනය සියයට තිහකට වඩා වැඩි වී තිබුණා.මේ අවුරුදු දෙකේ අප ගත් පියවර නිසා ඒ තත්ත්වය වෙනස් වුණා.”

No comments:

Powered by Blogger.