Header Ads

Breaking News
recent

මෙන්න මාර කතාවක්! නාමල්ගේ සහ නුවන් බෝපගේග් නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ‌‌ගොනු කළ අයකු පොලිසියෙන් අත්අඩංගුවට අරන්! රුහුණු ජනතා පක්ෂය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි!

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ” හා “සමාජවාදී ජනතා සංසදයේ” ජනාධිපති අපේක්ෂකයන්ගේ නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ගොනු කළ අවස්ථාවේ තමා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් බව කියමින් රුහුණු ජනතා පෙරමුණේ පාක්ෂිකයකු වන රන්දිමාල් ගමගේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ‘අරගලයේ තරුණ නියෝජනය’ ලෙසත් සමාජවාදී ජනතා සංසදය පක්ෂයෙන් ඉදිරිපත් වන නුවන් බෝපගේ ‘අරගලයේ අපේක්ෂකයා’ ලෙසත් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවීම තුළින් ඡන්ද දායකයා නොමඟ යැවීමක් සිදුවන බවට සඳහන් කරමින් විරෝධතා ගොනු කිරීමට ගිය අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගත්තේ යැයි ගමගේ මහතා පැවැසීය.

“රුහුණු ජනතා පෙරමුණේ” නියෝජිතයන් 6 දෙනාගෙන් එක් අයකු ලෙස තම නම පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත යවනු ලදුව නාමයෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා නිල අවසර පත්‍රයක් කොමිසමෙන් නිකුත් කළ පසුබිමක මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් තම අයිතිවාසිකම් කඩ වී යැයි ඔහු සඳහන් කරයි. රන්දිමාල් ගමගේ මහතා මැතිවරණ කාර්යාල පරිශ්‍රයට පිවිසියේ එම අවසර පත්‍රය ආරක්ෂක අංශයේ නිලධාරීන්ට පෙන්වා යැයිද ඔහු විරෝධතාව ඉදිරිපත් කිරීම සඳහා කොමසාරිස්වරයා වෙත ගියේ නිලධාරියකුගේ උපදෙස් මත යැයිද “රුහුණු ජනතා පෙරමුණේ” මහ ලේකම් නිසන්සලා කුමාරි මහත්මිය සඳහන් කළාය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසුවේ අයුතු ලෙස කාර්යාලයට ඇතුළු වී එහි නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කිරීම ගැන මැතිවරණ කොමිසම් කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව ගමගේ මහතා අත්අඩංගුවට ගත් බවයි. වැලිකඩ පොලිසිය මඟින් මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගියදා (16දා) අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩ බලන මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ලක්ෂ පහක ශරීර ඇප සහ රුපියල් 7,500ක මුදල් ඇප මත ඔහුව මුදාහැර ඇත.

No comments:

Powered by Blogger.