Header Ads

Breaking News
recent

ජනාධිපති අපේක්ෂකයන්ට අලුත් නීතියක්... වසර තුනකට ඡන්ද අයිතිය අහෝසියි!

සාධාරණ මැතිවරණයක් සඳහා වූ පැෆරල් සංවිධානය ඊයේ කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බොහෝ සෙසු අපේක්ෂකයින් වෙනත් පටු අරමුණු මූලික කරගෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට පැහැදිලි වන බවත් මෙලෙස ඉදිරිපත් වන බොහෝ අපේක්ෂකයින් වෙනත් ප්‍රධාන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය උදෙසා ඉදිරිපත් වන යටි අරමුණක් සහිත නාමික අපේක්ෂකයින් බවත්ය.

ජනාධිපතිවරණය සඳහා යම්කිසි අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නම් ඔහු ජනාධිපති අපේක්ෂකයෙකුගේ හැසිරීම පිළිබිඹු කළ යුතු අතර එසේ නොවන්නේනම් ඊට එරෙහිව නෛතිකව කටයුතු කරනා බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටි‍යි.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම ‍මෙවර ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන නීතියක් වන තම ආදායම් සහ වියදම් වාර්තා දින 21ක් ඇතුලත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී වරදකරු වුවහොත් වසර තුනකට ඡන්දය ලියාපදිංචි කිරීමත් තරඟ කිරීමේ අයිතියත් අවලංගු වන බව පැෆරල් සංවිධානය පවසයි.


No comments:

Powered by Blogger.