Header Ads

Breaking News
recent

තලතා තමයි මුලින්ම රනිල්ට බෑ කියලා කිව්වේ! තලතා තමයි UNP එක දෙකට කැඩුවේ! - රෝහිණී කවිරත්න (video)

තලතා අතුකෝරළ මැතිණියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මට කණගාටුයි
‘‘තලතා අතුකෝරළ මැතිණියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මට හරි කණගාටුවක් තියෙනවා. එතුමිය ඉතා ලගින්ම මම ආශ්‍රය කෙරැවේ සමගි ජනබලවේගයට එක්සත් ජාතික පක්ෂයෙන් කඩලා ගෙනාවෙත් එතුමියයි. රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ වැඩේ කරන්න බෑ. මම එක පක්ෂයකටවත් එන්නේ නෑ මම ගෙදර යනවා කියපු අතුකොරළ මැතිණිය තමයි මාව පැය 5 – 6 ක් මේ ඉදගෙන ඉදලා තමයි මගේ අත්සන ගත්තේ. අතුකෝරළ මැතිණිය එදා කිව්වා රනිල් මහත්තයට බෑ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක යමු කියලා එතුමිය තමයි පක්ෂය කැඩුවේ. 

එතුමිය පක්ෂය කඩනකොට එතුමියට හිතුණේ නැද්ද මේක. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමියට ගරහනවලු. රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් කියලා එතුමිය යනවා නම් ආයේ ටික දවසකින් කියයි රනිල්ට බෑ කියලා. මඩේ හිටවපු ඉන්නක් වගේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට පත් වෙනවා කියන්නේ පසුගිය ඡන්ද වල දෙලක්ෂ පනස්දාහකට සීමා වුණා. ඒක නිසා හරි තතක්සේරැවක් කර ගන්න බැරි නෝනා මහත්මියක් පක්ෂයකට පත්කර ගනීද කියන සැකය අපිට තිබෙනවා. එතුමිය ඉතාමත්ව වැරදි දෙයක් කරා කියලා තමයි මට කියන්න තියෙන්නේ.

No comments:

Powered by Blogger.